
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිටසක්වල ජීවින් සම්බන්ධ තොරතුරු එක්සත් ජනපදය විසින් සඟවාගෙන සිටින බව එරට විශ්‍රාමික හමුදා නිලධාරීන් තිදෙනකු අනාවරණය කර ඇත.
හඳුනා නොගත් පියාසර වස්තූන් (UFOs) පිළිබඳව එක්සත් ජනපද පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ පැවති කරුණු විමසා බැලීමකදී මෙම අනාවරණය සිදුකර තිබේ.
එක්සත් ජනපද පරිපාලනය විසින් UFOs පිළිබඳ සිදුවීම්වලට අදාළ තොරතුරු “ඕනෑවට වඩා සඟවාගෙන සිටින බවත් ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවත්” මෙම නිලධාරීන් එහිදී සඳහන් කර ඇත.
හිටපු නාවික හමුදා නියමුවෙකු වන රයන් ග්‍රේව්ස් එහිදී පෙන්වාදී ඇත්තේ, “හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳව පවත්වාගෙන යන රහසිගත තොරතුරු, රටේ හදිසි ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක්” බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart