
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි මාස කිහිපය සඳහා රට තුළ ප්‍රමාණවත් සහල් තොග ඇති බවත්, ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු ඇතිවිය හැකි ඕනෑම හිඟයකට සූදානම් වීම සඳහා ගංවතුර ආශ්රිත බෝග හානියේ සම්පූර්ණ ප්‍රමාණය තක්සේරු කරන බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසන්නේ පසුගිය වගා කන්නයේ අස්වැන්න ක්ෂණික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් බවයි.
“ගැටලුවක් ඇති වුණොත් ඒ 2026 පෙබරවාරි මාසයෙන් පසුවයි. හානියේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව තහවුරු කළ යුතුයි. ඉන්පසුව තමයි ගත යුතු පියවර අපට සාකච්ඡා කළ හැකි වෙන්නේ” යැයි ඔහු පැවසුවේය.
නත්තල් සමයේදී සහ සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේ දී ප්‍රමාණවත් සැපයුමක් පවත්වා ගැනීම සඳහා ගංවතුරෙන් බලපෑමට ලක් නොවූ ප්‍රදේශවල එළවළු සහ පලතුරු වගාව ආරම්භ කරන ලෙස ජාතික පාරිභෝගික පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කට තිබිණි.
එම පෙරමුණේ සභාපති අසේල සම්පත් මීට පෙර පවසා තිබුණේ අයහපත් කාලගුණය හේතුවෙන් වගා බිම් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බැවින් එළවළු සහ පලතුරු සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමට කාලයක් ගතවනු ඇති බවයි.
භෝග හානි වූ ගොවීන්ට වන්දි ලබාදිය යුතු බව පැවසූ ඔහු උත්සව සමයේදී ඉල්ලුම තියුණු ලෙස ඉහළ යනු ඇති බව සඳහන් කළේය.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සියලුම වගාකරුවන්ට වන්දි ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනටමත් නිවේදනය කර ඇත.
එම වන්දි නිශ්චිත භෝග කිහිපයකට සීමා කරන සාමාන්‍ය රෙගුලාසි තිබුණ ද බලපෑමට ලක් වූ සියලුම වගාවන් සඳහා සහාය ලබා දීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසීය.
මේ අතර, දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවීන්ගේ බෝග හානි වාර්තා කිරීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව, ගොවීන්ට එවැනි බෝග හානි 1918′ යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් වාර්තා කළ හැකිය.
දිත්වා නිසා ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක කෘෂිකාර්මික ඉඩම්වලට හානි සිදුවී තිබේ.
එබැවින්, බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ලබා දීමේ අරමුණින් ගොවිජන රක්ෂණ මණ්ඩලය බලපෑමට ලක් වූ භෝග පිළිබඳ දත්ත රැස් කිරීම ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart