
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විස දුමාරය පිටකරමින් ධාවනය කෙරෙන සියලු වාහන අසාදු ලේඛනගත (Black List) කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ඉරිදා – මව්බිම’ට පවසා ඇත.
විස දුම පිටකරන වාහන පිළිසකර කරගැනීම සඳහා ලබාදෙන දින 14ක සහන කාලයකින් පසුව අවසන් සිහිකැඳවීමක් නිකුත් කර මෙම ක්‍රියාමාර්ගය ගැනෙන බව එම නිලධාරියා අවධාරණය කර තිබේ.
මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිසිය ඒකාබද්ධව විස දුම පිට කරන වාහන හඳුනාගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භකොට ඇති බව ඔහු පවසා ඇත.
එහිදී විස දුම පිටකරන බවට හඳුනාගන්නා වාහන සඳහා දින 14ක කාලසීමාවකට අදාළව නඩත්තු නියෝගයක් ලබාදෙන බවද එම නිලධාරියා සඳහන් කර තිබේ.
එම නිලධාරියා පවසා ඇති ආකාරයට මෝටර් රථ පරීක්ෂකවරයකුගේ සහභාගිත්වය යටතේ පොලිස් නිලධාරීන්ද යොදාගෙන මෙම පරීක්ෂාව කෙරෙන අතර, එහිදී පොලිස් නිලධාරීන් රියැදුරුගේ බලපත්‍රයත් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් ආදායම් බලපත්‍රයත් සිය භාරයට ගනු ලබයි.
එලෙස ලබාගෙන දින 14ක කාලසීමාවක් සඳහා මෙම නඩත්තු නියෝගය ලබාදී විස දුම පිටවීමට හේතුවන කාරණාවලට විසඳුම් දී, නැවත එය මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයකට පෙන්වීම අනිවාර්ය කොට ඇත.
එහිදී වාහන දැඩිව පරීක්ෂාවකට භාජන වන අතර, අවසන් සිහිකැඳවීමකින් පසුව මෝටර් රථ දෙපාර්තමේන්තු පද්ධතියෙන් අසාදු ලේඛනගත කරන බවද එම නිලධාරියා සඳහන් කර තිබේ.
මෙසේ අසාදු ලේඛනගත කිරීමෙන් පසුව එම වාහනය නැවත අලෙවි කිරීම හෝ ලීසිං කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට නොහැකි බවද එම නිලධාරියා සඳහන් කර ඇත.
එසේම වසරක් පාසා සිදුකරන දුම් පර්ක්ෂාවද මේ ඔස්සේ එම වාහනයට ගිලිහී යන බවත්, ඒ හරහා වාහනයේ ආදායම් බලපත්‍රය ලබාගත නොහැකි මට්ටමක්ද උදාවන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රජය ගෙන යන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ඉදිරියේදී මෙම මෙහෙයුම් දීප ව්‍යාප්තව සිදුකිරීමට මේ වන විට සාකච්ඡා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart