
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සතු දත්ත ගබඩාවට අනවසර ඇතුළුවීමක් හෝ එහි දත්ත පිටතට කාන්දුවීමක් වාර්තා වී නොමැති බව එම සමාගම පවසයි.
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ තොරතුරු තාක්ෂණ ප්‍රධානී උදය ලොකුආරච්චි ප්‍රකාශ කර ඇත්තේ සිදුවිය හැකි ඕනෑම ආරක්ෂක තර්ජනයක් විමර්ශනය කිරීමට තම සමාගම අදාළ ආයතන සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන බවයි.
සයිබර් ආරක්ෂණ වෘත්තිකයන් සඳහා මාර්ගගත තර්ජන පිළිබඳ බුද්ධි තොරතුරු සපයන වේදිකාවක් වන Falcon Feeds විසින් X හි පළ කරන ලද වාර්තාවක ප්‍රකාශ කර තිබුණේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ දත්ත කාන්දුවීමක් සම්බන්ධයෙන් ‘BreachForums’ හි සාමාජිකයකු විසින් දැනුම්දීමක් සිදුකර ඇති බවයි.
එම දැනුම්දීමට අනුව කාන්දු වූ දත්ත අතරට හැඳුනුම්පත්, පිවිසුම් හැඳුනුම්පත්, මගීන්ගේ විස්තර සහ විදේශ ගමන් බලපත්‍ර අංක වැනි දළ වශයෙන් සංවේදී තොරතුරු අඩංගු වාර්තා 7,083ක් තිබේ.
කෙසේවෙතත් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ තොරතුරු තාක්ෂණ ප්‍රධානී උදය ලොකුආරච්චි පවසන්නේ මගීන්ගේ විදේශ ගමන් බලපත්‍ර විස්තර වැනි සංවේදී තොරතුරු තම ආයතනය විසින් ලබා ගැනීම හෝ පවතින පද්ධති යටතේ ගබඩා කිරීම සිදු නොකරන බවයි.
ඔවුන්ගේ වත්මන් දත්ත ගබඩාවේ හෝ පද්ධතියේ කිසිදු ගැටලුවක් හඳුනාගෙන නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සම්බන්ධ කර ගනිමින් සිදු කරනු ලබන අවදානම් පරීක්ෂණ ඇතුළු ආයතනයේ පද්ධතිවල ආරක්ෂාව සහතික කිරීම සඳහා පරීක්ෂණ පවත්වන බව ඔහු පෙන්වා දී ඇත.
සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග නිරන්තරයෙන් ගන්නා බවත් මේ වන විටත් අවදානම් පරීක්ෂණයක් පවත්වන බවත් ඔහු ප්‍රකාශ කරයි.
පසුගිය වසර තුන හතරක කාලය තුළ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු දත්ත කාන්දුවීමක් වාර්තා වී නොමැති බව ඔහු අවධාරණය කරයි.
දත්ත කඩවීම් පිළිබඳ වාර්තා ලැබුණත් නැතත් අවදානම් හඳුනා ගැනීමට ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිරන්තර පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.
කෙසේවෙතත් පළවන වාර්තා හුදු වැරදි තොරතුරු ලෙස බැහැර නොකරන බවත් එම වාර්තා නොසළකා හැරීමෙන් තොරව තවදුරටත් අධීක්ෂණය කරන බව ද උදය ලොකුආරච්චි සඳහන් කරයි.
එසේම ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සියලුම පද්ධති දැනට කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවට ද ඔහු සහතික වෙයි.
මේ අතර එවැනි දත්ත කාන්දුවක් සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යාංශය වන වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයට ද වාර්තා වී නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart