
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අයර්ලන්ත කණ්ඩායමට දඩ නියම කර තිබේ.
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ (ජුනි 25) පැවති තරගයේ දී නියමිත කාලය තුල අයර්ලන්තය පන්දුවාර 2ක් අඩුවෙන් යවා තිබුණි.
කණ්ඩායමට පැනවූ දඩය තරග මුදලින් සියයට 40කි.
අයිසීසී ක්‍රීඩා නීති අනුව තරගයේ නියමිත කාලය තුල සම්පූර්ණ කිරීමට නොහැකි වන සෑම පන්දුවාරයක් සඳහාම සියයට 20ක දඩ මුදලක් නියම වේ.
ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම හේතුවෙන් අයර්ලන්තයට සුපර් සික්ස් වටයට පිවිසීමේ අවස්ථාව ද අහිමි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart