
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු ඇමැති හොසේන් අමීර් අබ්දුල්ලාහියන් හෙට (19) සිට පෙබරවාරි 21 දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
විදේශ කටයුතු ඇමැති අලි සබ්රිගේ ආරාධනයකට අනුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී ඉරාන විදේශ ඇමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවීමට ද නියමිතය.
ඇමැතිවරයා ඇතුළු දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යංශයේදී ඇමැති අලි සබ්රි සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
2023 අගෝස්තු මාසයේදී විදේශ ඇමැති අලි සබ්රි ටෙහෙරානයේ කළ සංචාරය අතරතුර එරට විදේශ ඇමැති ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
ආචාර්ය අමීර් අබ්දුල්ලාහියන් මහතා සමඟ ඉරානයේ ජනාධිපති කාර්යාලයේ, විදේශ කටයුතු අමාත්‍යංශයේ, බලශක්ති අමාත්‍යංශයේ සහ අනෙකුත් අදාළ අමාත්‍යංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart