
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලය ප්‍රහාර දියත් කළ අවස්ථාවේ සිය ගුවන් ආරක්ෂණ පද්ධති මගින් ඒවා සාර්ථකව මැඩපැවැත්වූ බව ඉරානය පවසයි.
කෙසේවෙතත් ඊශ්‍රායලයේ ‘ආක්‍රමණශීලී ක්‍රියාවට’ ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව ද ඉරානය පවසා ඇත.
ඊශ්‍රායලය අද අලුයම එල්ල කළ ප්‍රහාර මාලාව හමුවේ සිය හමුදා සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇති බව ඉරානය නිවේදනය කරයි.
එම සොල්දාදුවන් දෙදෙනාම නිරිතදිග ඉරානයේ කුසෙස්තාන් පළාතේ අහ්වාස් නගරයට ආසන්න ගුවන් ආරක්ෂක කඳවුරක සේවයේ නිරතව සිටි බවද ඉරානය පවසයි.
ප්‍රහාරයේදී ඉරාක දේශසීමාවේ පිහිටි ඉරානයේ හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක වී ඇත.
කෙසේවෙතත් මෙම ගුවන් ප්‍රහාර මාලාවෙන් පසු ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඉරානයට එයට විශාල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇති බව ඊශ්‍රායලය පවසා තිබේ.
එමෙන්ම ඊශ්‍රායල ජනමාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ ඩ්‍රෝන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සහ හමුදා කඳවුරු කිහිපයකටම හානි සිදුව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart