
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 18කට පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම IPL ශූරතාව දිනාගැනීම සම්බන්ධයෙන් බැංගලෝරයේ පැවති උමතු සැමරුම ඛේදජනක සිදුවීමක් බවට පත්වූ අතර අවම වශයෙන් එහිදී තෙරපීමට ලක්ව පුද්ගලයන් 11 දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
අවසන් මහා තරගයෙන් අනතුරුව කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය විසින් පවත්වන ලද RCB කණ්ඩායමට උපහාර දැක්වීමේ උත්සවය සඳහා එම්. චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල පිරිසක් රැස්වීමෙන් පසුව අවුල් සහගත තත්ත්වය ආරම්භ විය.
තුවාල ලැබූ සහ සිහිසුන්ව සිටි පුද්ගලයින් අසල රෝහලකට පොලිසිය මාරු කරන ආකාරය වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කෙරිණි.
සැමරුම් නැරඹීමට පැමිණි බොහෝ දෙනෙක් තෙරපීම මධ්‍යයේ ක්ලාන්ත වූ බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසා ඇත.
කර්ණාටක නියෝජ්‍ය මහඇමති ඩී.කේ. ශිවකුමාර් පැවසුවේ පිරිස “පාලනය කළ නොහැකි” වූ බවයි.
ක්‍රීඩාංගනය අසල ඇති සමහර බැංගලෝර් මෙට්‍රෝ දුම්රිය ස්ථානවල දර්ශනවලින් පෙන්නුම් කළේ දුම්රියෙන් බැස පඩිපෙළ නගින විශාල ජනකායකි.
අසල පිහිටි බෝරිං රෝහලට, තුවාල ලැබූවන් රැගෙන යන ගිලන් රථ අඛණ්ඩව පැමිණ, ඔවුන් බස්සවා, නැවත ක්‍රීඩාංගනයට යන බව දැකගත හැකිවිය.
සැමරුම නැරඹීම සඳහා මිනිසුන් ගස් නගින ආකාරය සහ අතු මත වාඩි වී සිටින ආකාරයද දක්නට ලැබිණි.
ආරක්ෂක හේතූන් මත කර්නාටක රජය විසින් විධන සෞධා සිට ක්‍රීඩාංගනය දක්වා පැවති ජයග්‍රාහී පෙළපාළිය අවලංගු කර තිබිණි.
අඟහරුවාදා රාත්‍රියේ සිට සැමරුම් උත්සව පවත්වන පිරිස පාලනය කරමින් සිටින බව පොලිසිය පවසයි. රාත්‍රිය පුරාම පොලිසිය ඔවුන් කළමනාකරණය කිරීමට සහ කිසිදු අප්රසන්න සිදුවීමක් සිදු නොවන බවට සහතික වීමට කටයුතු කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart