
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ පවතින දීර්ඝ කාලින අභ්‍යන්තර ආරවුල් සහ සදාචාරාත්මක ගැටළු ගැටළු හේතුවෙන් මෙලෙස අරමුදල් අත්හිටුවන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ලිඛිතව දැනුම්දී තිබේ.
“මෙම අභ්‍යන්තර ආරවුල් සහ සදාචාරාත්මක ගැටළු, විශේෂයෙන් ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් මතු කරන ලද ඒවා, තවමත් ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ විසින් නිසි ලෙස විසඳා ගෙන නොමැති බව අපට වැටහේ” යැයි ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධතා, ඔලිම්පික් සහයෝගිතා සහ Olympism365 IOC හි අධ්‍යක්ෂ James Macleod, විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම්ට වෙත යොමුකරන ලද ලිපියේ දැක්වේ.
එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
“ඔබගේ ජාතික ඔලිම්පික් කමිටුවේ විශ්වසනීයත්වය සහ කීර්තිනාමය බරපතල ලෙස කැළැල් කර ඇති මෙම අතිශය කණගාටුදායක තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අතර, ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර පාලනය සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බොහෝ අවිනිශ්චිතභාවයන් සහ සැකයන් ඇති කරමින් තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔලිම්පික් ශිෂ්‍යත්වවලින් ප්‍රතිලාභ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෘජු ගෙවීම් හැර, තවදුරටත් ඔබේ ජාතික ඔලිම්පික් කමිටුව වෙත කිසිදු ගෙවීමක් කළ නොහැකි බව ඔබට කනගාටුවෙන් දැනුම්දෙමු.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart