
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවතා දමා තිබූ අන්තර්ජාතික සහ විදේශීය ආයෝජන ව්‍යාපෘති කිහිපයක් නව රජය පිහිටුවීමත් සමඟ යළි ආරම්භ කර ඇති බව රජයේ ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පැවසීය.
ඇමැති ජයතිස්ස මෙම අදහස් පළ කළේ කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුවය.
විදේශ ආයෝජන ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන් කළ ඔහු, ලබන වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවට සෞභාග්‍යමත් කාලයක් අපේක්ෂා කළ හැකි බව ද සඳහන් කළේය.
“විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් නැවතත් විශ්වාසය ඇති කරගෙන ශ්‍රී ලංකාව සමඟ වැඩ කිරීමට පටන් ගෙන තිබෙනවා” යනුවෙන් ඔහු සඳහන් කළේය.
විදේශ සහ දේශීය ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව කෙරෙහි යළි විශ්වාසය ගොඩනගා ඇති බව ද ඔහු සඳහන් කළේය.
කෙටි කාලයක් තුළ කොටස් වෙළෙඳපොළ හොඳින් ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බවද ජයතිස්ස ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාව ස්ථාවරත්වය කරා ගමන් කරමින් සිටින බව අන්තර්ජාතික ප්‍රජාව පිළිගෙන ඇති බවයි.
රජය බලයට පත්වී මාස 03ක් ඇතුළත රට ස්ථාවර කර ඇති බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart