
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2000 වසරට පෙර උතුරේ සහ දකුණේ වාර්තා වූ අතුරුදහන් වීම් පිළිබඳ පැමිණිලි 10,000කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ නැවත ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක්කාර පවසයි.
අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය සඳහා නව යාන්ත්‍රණ හඳුන්වා දෙන බව ද ඔහු පැවසීය.
මෙම පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර, ඇස්තමේන්තුගත රුපියල් මිලියන 375ක ප්‍රතිපාදන ඒ සඳහා වෙන් කර ඇත.
බලහත්කාරයෙන් අතුරුදහන් වීම්වලට ලක් වූ වින්දිතයන්ගේ අන්තර්ජාති දිනය සැමරීම සඳහා අතුරුදහන් වීම් පිළිබඳ කාර්යාලය විසින් අරලියගහ මන්දිරයේ ඊයේ (29) සංවිධානය කරන ලද උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ බලහත්කාරයෙන් අතුරුදහන් වීම් අපරාධ බවත්, ජාතික ජන බලවේගය ප්රමුඛ පරිපාලනය යටතේ රජයේ ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය ස්ථානය සත්‍යය, යුක්තිය සහ වන්දි බවත්ය.
සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කරන බවත්, අපක්ෂපාතී යුක්තිය සහතික කිරීම සඳහා නව නීති රාමුවක් හඳුන්වා දෙන බවත්, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහාය වීම සඳහා පුළුල් වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය නානායක්කාර පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart