
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” යනු ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම්වල ආයෝජන අවස්ථා ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළට විදේශ කළඹ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා කොටස් තැරැව්කාර සමාගම් සමඟ හවුල්කාරිත්වයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින් සංවිධානය කරන ලද සංසද මාලාවකි.
ආයෝජක සංසද මීට පෙර එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය, හොංකොං සහ සිංගප්පූරුව ඇතුළු ප්‍රධාන විදේශ වෙලඳපොලවල පවත්වා ඇත.
මෙම වසරේ, කොළඹ කොටස් වෙළෙඳපොළ, ඉන්දියානු කර්මාන්ත සම්මේලනය (CII) සහ කොටස් තැරැව්කාර සමාගම් සමඟ එක්ව, ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළට ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කරගනිමින් ආයෝජක සංසදයේ ඉන්දීය අදියර, අගෝස්තු 9 වැනිදා චෙන්නායි හි දී සහ අගෝස්තු 11 වැනිදා මුම්බායි හි දී පවත්වනු ලැබේ.
ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ආයෝජක සංසදය යළි පණගැන්වීමට තීරණය කළේ ශ්‍රී ලංකාවට විදේශ ආයෝජකයන්ගේ ගලා ඒම ඉහළ නැංවීමේ අරමුණින් බව කොලඹ කොටස් වෙළෙඳපොළ පවසයි.
වර්තමානයේ, කොළඹ කොටස් වෙළඳපොළ කලාපයේ එහි සම වෙළඳපොළවලට සාපේක්ෂව අතිශයින්ම තරඟකාරී වන අතර, 2022 සහ 2023 වසරවලදී, කොළඹ කොටස් හුවමාරුව ධනාත්මක ශුද්ධ විදේශ ගලා ඒමක් ද නිරීක්ෂණය කර ඇත.
ප්‍රධාන වෙළෙඳපොළ දර්ශකය වන සියලුම කොටස් මිල දර්ශකය (ASPI) 36% YTD කින් වැඩි වී ඇත.
මෙරට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ චෙන්නායි සහ මුම්බායි හි පැවැත්වෙන සංසදවලදී ප්‍රධාන දේශනය පවත්වනු ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කොටස් තැරැව්කාර සමාගම් 16ක නියෝජිතයින් මේ සඳහා සහභාගී වේ.
මෙම සංසදයන් රටේ වත්මන් ආර්ථික දැක්ම, වෙළෙඳපොළ විශ්ලේෂණය සහ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ ආයෝජන අවස්ථා පිළිබඳ සැසි කිහිපයකින් සමන්විත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart