November 7, 2025

අස්වැසුම ප්‍රතිලාභී නිවාසවල සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පුළුල් පරාස අන්තර්ජාල වවුචරයක් (Broadband voucher) ලබා දෙන බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

එහිදී ඔහු පැහැදිලි කළේ එමගින් අනුමත අධ්‍යාපනික වෙබ් අඩවි වලට පමණක් ප්‍රවේශය සීමා කරන බවයි.

සියලු දෙනා ඇතුළත් ඩිජිටල් ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙය සිදු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.