
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රජය චීනයේ එක්සිම් බැංකුව අතර ඇති කරගත් ගිවිසුම, මෙරට විස්තීරණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙළ පිළිබඳ පළමු සමාලෝචනයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට බලපෑමක් නොකළ බව එම අරමුදල අද (20) සඳහන් කර ඇත.
කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම යනු, IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර IMF අනුග්‍රහය ලබන වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර වන ප්‍රබල ක්‍රියාමාර්ග මාලාවක්, ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාවක්, දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි අයට සමාජ සහයෝගය ශක්තිමත් කිරීමක්, මූල්‍ය ස්ථාවරත්වයක්, ණය තිරසාරභාවයක් යනාදිය ඉලක්ක කරගැනීම බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසයි.
මෙම වැඩසටහන යටතේ ණය ඉලක්කවලට අනුකූලව ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට උපකාර වන ණය විසඳුම් සොයාගැනීම සඳහා බලධාරීන් ඔවුන්ගේ ණය හිමියන් සමඟ සම්බන්ධ වී සිටින බව ඔහු සඳහන් කරයි.
මීට දින කිහිපයකට පෙර, ශ්‍රී ලංකා රජය චීනයේ එක්සිම් බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ප්‍රධාන මූලධර්ම සහ කොන්දේසි පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇති බව නිවේදනය කළේය.
මෙම ගිවිසුම ප්‍රතිපත්තිමය වශයෙන් ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ආවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart