
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සූර්ය දැල්ලකින් සිදුවන ප්ලාස්මා පිටවීමක් පෘථිවියේ ගුවන් විදුලි සම්ප්‍රේෂණයට බාධා කළ හැකි බවට අභ්‍යවකාශ කාලගුණ අනාවැකිකරුවන් සඳහන් කර තිබේ.
ඔවුන් පවසන්නේ, මෙම සූර්ය දැල්ල හේතුවෙන් අහසේ විශිෂ්ට ආලෝකවත්වීමක් නැරඹීමට ද හැකි වනු ඇති බවයි.
එක්සත් ජනපදයේ කොලරාඩෝ හි අභ්‍යවකාශ කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය විසින් සෙනසුරාදා නිකුත් කරන ලද අනතුරු ඇඟවීම සඳුදා දක්වා බලපැවැත්වෙන අතර එය මහජනතාව සැළකිලිමත් වියයුතු තත්ත්වයක් නොවන බව ද ඔවුන් කියා සිටියි.
දුරස්ථ රථවාහන පාලන කුළුණු සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන ගුවන් යානා වැනි අධි-සංඛ්‍යාත රේඩියෝ සම්ප්‍රේෂණවලට මෙම කුණාටුව බාධා කළ හැකිය.
බොහෝ වාණිජ ගුවන් යානාවලට අමතර පියවරක් ලෙස චන්ද්‍රිකා සම්ප්‍රේෂණය භාවිත කළ හැකි බව අභ්‍යවකාශ කාලගුණ අනාවැකි මධ්‍යස්ථානයේ අනාවැකිකරුවකු වන ජොනතන් ලැෂ් පැවසීය.
චන්ද්‍රිකා ක්‍රියාකරුවන්ට තම අභ්‍යවකාශ යානය හඹායෑමේ ගැටලු ඇතිවිය හැකි බව ද ඔහු පැවසීය.
“සාමාන්‍ය ජනතාවට කියන්න තියෙන්නේ රාත්‍රියේ පැහැදිලි අහසක් තිබේ නම් සහ ඔබ ඉහළ අක්ෂාංශ වල සිටින්නේ නම්, අහස ආලෝකවත් වන අයුරු දැකීමට හොඳ අවස්ථාවක් වෙයි කියලයි ,” ලැෂ් පැවසීය.
සෑම වසර 11කට වරක්, සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය පෙරළෙයි.
එනම් එහි උතුරු සහ දකුණු ධ්‍රැව ස්ථාන මාරු වේ.
එම චක්‍රය තුළ සූර්ය ක්‍රියාකාරකම් වෙනස් වේ.
එවැනි කාලවලදී භූ චුම්භක කුණාටු වසරකට කිහිප වතාවක් පෘථිවියට බලපෑම් එල්ල කළ හැකි බව ලැෂ් පැවසීය.
ඉකුත් දෙසැම්බර් මාසයේදී, වසර ගණනාවක් තුළ විශාලතම සූර්ය ගිනිදැල් ගුවන් විදුලි සන්නිවේදනයට බාධා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart