
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ISIS ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වන ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් බුද්ධි අංශවලට සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග නිකුත් කළ බවයි.
ISIS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත කමිටුවක් පසුගියදා පත් කෙරිණි.
මෙම කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart