June 30, 2025

පාස්කු දින ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය එල්ල කළ අප­රා­ධ­ක­රු­වන් විසින් එම ප්‍රහා­ර­යට පෙර වව්න­තිව් පොලිස් මුර­පොළේ සේවයේ නිරත නිල­ධා­රීන් දෙදෙ­නෙක් ඝාත­නය කර ටී 56 ගිනි අවි දෙක පැහැරගැනීම සම්බ­න්ධ­යෙන් වූ විම­ර්ශන කට­යුතු නොමඟ යැවීම පිළි­බ­ඳව නැඟෙ­න­හිර පළාතේ පොලිස් කොට්ඨා­ස­යක බුද්ධි අංශයේ ප්‍රධා­නි­යෙක් ගැන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් විම­ර්ශන ආරම්භ කර තිබේ.

එම කොට්ඨාස බුද්ධි අංශ ප්‍රධා­නියා ළඟ­දීම අත්අ­ඩං­ගු­වට පත්වනු ඇති බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

පොලිස් නිල­ධා­රීන් ඝාත­නය කළ සැක­ක­රුගේ යැයි ඇඟ­වෙන ආකා­ර­යට හිටපු එල්.ටී.ටී.ඊ. සාමා­ජි­ක­ය­කුගේ නිවෙසේ තිබූ ජැක­ට්ටු­වක් සොරා­ගෙන එය ඝාත­නය සිදු වූ ස්ථාන­යට ආස­න්නයේ වෙල්යායක බෝක්කු­වක් යටට දමා ඇත්තේ මේ බුද්ධි ප්‍රධා­නියා බවට සැකකරන තොර­තුරු විම­ර්ශ­න­ව­ලින් හෙළිවී ඇත.

මේ සම්බ­න්ධ­යෙන් රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් විසින් පසු­ගිය අප්‍රේල් මස 08 වැනිදා අත්අ­ඩං­ගු­වට ගත්තේය. ජැක­ට්ටුව බෝක්කුව යට ඇති බවට තොර­තුර පොලී­සි­යට දී ඇත්තේ ඔහුය. මේ බුද්ධි නිල­ධා­රි­යාට එම තොර­තුර ලද ආකා­රය ගැන කළ දීර්ඝ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව නැඟෙ­න­හිර පළාතේ කොට්ඨාස බුද්ධි අංශ­යක ප්‍රධා­නි­යෙක් ගැන තොර­තුරු හෙළිවී තිබෙන බව සඳ­හන්ය.

වව්න­තිව් හිදී පොලිස් නිල­ධා­රීන් දෙදෙනා ඝාත­නය කර ගිනිඅවි පැහැ­ර­ගැ­නීම සිදු­වන්නේ 2018 නොවැ­ම්බර් මස 29 වැනි­දාය.

කොස්තා­ප­ල්ව­රුන් වන නිරෝ­ෂන් ඉන්දික සහ දිනේෂ් අල­ග­ර­ත්නම් මෙසේ ඝාත­නය වී තිබිණි.

මේ ඝාත­නය සිදු කර තිබුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය එල්ල කළ සහ­රාන්ගේ කණ්ඩා­යම විසිනි. මේ සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමා­ජි­ක­යෙක් වන අජ­න්තන් හෙවත් කදි­ර­ගා­ම­ර්තම්බි රාස­කු­මා­රන් නමැ­ත්තාය. ඒ 2018 දෙසැ­ම්බර් මස 02 වැනිදා මඩ­ක­ල­පු­වේ­දීය. අත්අ­ඩං­ගු­වට ගත් අජ­න්තන් මාස පහ­කට අධික කාල­යක් ආර­ක්ෂක අංශ රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වනු ලැබීය.

අජ­න්තන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට මුල්වන්නේ වව්න­තිව්හී මුර­පොළ ආස­න්නයේ ඇති බෝක්කු­වක් යට තිබී සොයා ගත් ජැක­ට්ටුව පොලිස් නිල සුන­ඛ­යන් විසින් කළ ඉව­කි­රී­මක් මුල්ක­ර­ගෙ­නය. ද්විත්ව ඝාත­න­යෙන් දින තුන­කට පසු එම ජැක­ට්ටුව සොයා­ගෙන තිබිණි. එම බෝක්කුව අසල කුඹු­රක් ද ඇත. කුඹුරේ වගා කට­යුතු කරන ගොවියා පවසා ඇත්තේ තමා කුඹු­රට යන්නේ එම බෝක්කුව අස­ලින් බැස බවත්, පෙර දින­යේදී මෙවැනි ජැක­ට්ටු­වක් එහි නොතිබු බවත්ය. පෙර දින වර්ෂාව ඇද හැලී තිබු­ණත් ජැක­ට්ටුව අලුත් පෙනු­මට තිබී ඇත. එම ජැක­ට්ටුව ගැන තොර­තුරු දුන්නේ යැයි පැව­සෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නිල­ධා­රි­යාය. පොලිස් සුන­ඛයා ගම­න්කර ඇත්තේ අජ­න්තන් වව්න­තිව් හී පදිං­චිව සිටි නිවෙස වෙතය. ජැක­ට්ටුව තිබූ ස්ථානයේ සිට කිලෝ මීටර් හත­ර­කට ආසන්න දුර­කින් අජ­න්තන්ගේ නිවෙස ඇති බවත්, සුන­ඛයා එම දුර ඉව­ක­ර­මින් ගිය බවත් කියැ­විණි. එම ජැක­ට්ටුව අජ­න්තන්ගේ බව ඔහු ද පිළි­ගෙන තිබිණි.

මෙම ද්විත්ව ඝාත­න­යට අජ­න්තන් හෝ එල්.ටී.ටී.ඊ.යේ සම්බ­න්ධ­යක් නොවන බව අනා­ව­ර­ණය වන්නේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යත් සම­ඟිනි. ඒ සහ­රාන්ගේ රියැ­දුරා අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සමඟ වව්න­තිව් පොලිස් නිල­ධා­රීන් දෙදෙනා ඝාත­නය ඔවුන් විසින් සිදු කළ බව හෙළි­කි­රී­මත් සම­ඟිනි.

මෙහි ප්‍රධාන සැක­ක­රු­වෙක් වන මොහො­මඩ් මිල්ලාන් නමැති අය සෞදියේ ජෙඩා­ව­ලදී අත්අ­ඩං­ගු­වට ගෙන මෙර­ටට රැගෙන එන ලදි. ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොර­තුරු මත වනා­ත­වි­ල්ලුව ලැක්ටෝස් වත්තේ වළ­දමා තිබී පොලිස් නිල­ධා­රීන් ඝාත­නය කර පැහැර ගත් ගිනි අවි ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් සොයා­ගෙන තිබිණි.(දිනමිණ)