
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් නියෝජිතයන්ට ඉන්ධන අලෙවියේදී ලබාදෙන මුළු වට්ටම් මුදලින් 35%ක් මාසික පරිහරන ගාස්තුව ලෙස අයකරගැනීමට අත්තනෝමතික ලෙස ගෙන ඇති තීරණය වළක්වාලමින් ලබාදෙන ලද වාරණ නියෝගය මාර්තු මස 18 දක්වාම දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළේය.
එදිනට ලිඛිත දේශන ගොනුකරන ලෙසද අභියාචනාධිකරණ විනිසුරු ඩි.එන්. සමරකෝන් නියෝගය කළේය.
පැමිණිල්ල මෙහෙයවීමට නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස්මත අධීනීතිඥ රොමේෂ් සිල්වා පෙනීසිටි අතර, සංස්ථාව වෙනුවෙන් සංස්ථාවේ නීති නිලධාරීනී කුමූදු ආරියරත්නගේ උපදෙස් මත පෞද්ගලික නීතිඥයෙක්වන සුරේන් ඥාණරාජ් පෙනීසිටියේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ක්රියාත්මක බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු මාර්තු මාසය තුළ ගෙවන ලෙසත් එසේ නොකළහොත් ඔවුන්ගේ තැන්පත් මුදලින් අදාළ මුදල අඩු කරගන්නා බව දන්වා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නිකුත්කර ඇති ලිපියක් ක්රියාත්මකවීම වළකාලමින් අභියාචනාධිකරණය පසුගිය 09 වැනිදා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart