
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බීමතින් රිය පැදවීමේ වරදට අධිකරණය රුපියල් 50,000ක දඩයක් නියම කිරීම නිසා උරණ වූ බව කියන රියදුරෙක් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ පොලිස් සැරයන්වරයාගේ නිවසට කඩාවැදී නිවසේ දොර ජනෙල්වලට පහරදී හානි කළේ යැයි කියමින් පසුගියදා (20) ඉංගිරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි කළුපහන, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය 18 වැනිදා මෙම පොලිස් සැරයන්වරයා විසින් බීමතින් රිය පැදවූ බව කියන මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු මෙය සමථයකට පත්කර ගැනීම සඳහා පොලිස් සැරයන්වරයාගෙන් උදව් ඉල්ලා ඇතත් ඔහු එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම පොලිස් සැරයන්වරයා ද ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart