
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය කෙටි සංචාරය අමතක නොවන අවස්ථාවක් බවට පත්කිරීම පිළිබඳව ප්‍රමුඛ සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු වන ඛලිඩ් අල් අමෙරි (Khalid Al Ameri) ශ්‍රී ලංකාවේ ජනතාවට සිය කෘතඥතාව පළ කර තිබේ.
ජනප්‍රිය එමිරේට් බ්ලොග්කරුවකු වන ඔහුට සිය සංචාරය අතරතුර කොළඹ පැවති රැස්වීමකදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමුවීමට හැකි විය.
“ඊයේ ප්‍රසංගය මටත් මගේ කණ්ඩායමටත් කෙතරම් සුවිශේෂී වූවාද යන්න වචනවලින් විස්තර කළ නොහැකියි. පැමිණ සිටි පිරිසගේ බොහෝ ආදරය සහ ආශිර්වාදය සදාකාලික මතකයක් බවට පත් කළ ශ්‍රී ලංකා අපි ඔබට ආදරෙයි,” යැයි ඔහු අද ෆේස්බුක් හි ප්‍රකාශයක් හරහා පැවසීය.
ඛලිඩ් අල් අමෙරි යනු ඔහුගේ බිරිඳ සලාමා මොහොමඩ් සමඟ විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල සිය අදහස් බෙදාගන්නා ජනප්‍රිය එමිරාටි බ්ලොග්කරුවකු, තීරු ලිපි රචකයකු සහ අභිප්‍රේරණ කථිකයෙකි.
විශේෂයෙන් සිය යූටියුබ් නාලිකාව හරහා ජනප්‍රියව සිටින ඛලිඩ්, ඔහු සංචාරය කරන ස්ථානයේ හෝ රටේ සුවිශේෂත්වය ඉස්මතු කර පෙන්වනු ලබයි.
https://web.facebook.com/watch/?v=789412825910199&extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&mibextid=2Rb1fB&ref=sharing&_rdc=1&_rdr
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart