
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධ කිරීමට බලාපොරොත්තුවන ඉන්දු-ශ්‍රී ලංකා විදුලි රැහැන් ව්‍යාපෘතියේ සාකච්ඡා මේ වන විට ඉදිරි අදියරක පවතින බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් (DPR) සම්පූර්ණ කර ඇති අතර, විධිමත් අනුමැතියට පෙර සමාලෝචනය කරමින් පවතී.
එමෙන්ම දෙරට අතර විදුලි ජාල සම්බන්ධ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇතැයි අගමැති මෝදි පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංචාරය අතරතුර ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඉන්දියාවේ රාජ්‍ය අංශයේ පවර් ග්‍රිඩ් කෝපරේෂන් ව්‍යාපෘතිය සඳහා මූලික වාර්තාවක් සකස් කර ඇති බව ඉන්දීය ජනමාධ්‍ය මේ වසරේ ජනවාරි මාසයේදී වාර්තා කර තිබිණි.
අන්තර් සම්බන්ධතාව සිදුවනු ඇත්තේ කණු මතින් දිවෙන විදුලි රැහැන් හරහා මිස මුහුද යට කේබල් හරහා නොවන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
විදුලිබල ජාල සම්බන්ධතාවය ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා දශකයකට වැඩි කාලයක් පුරා පවතින අතර, 2010 දී, මුහුද යට කේබලයක් හරහා ජාල සම්බන්ධ කිරීමේ ශක්‍යතා ගවේෂණය කිරීමට දෙරට එකඟ වී ඇත.
මෙම ව්‍යාපෘතිය අවසානයේ දී මෙරට බලය ඉන්දියාවට විකිණීමෙන් දිගු කාලීනව අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට ඉඩ සැලසේ.
මේ වනවිට ඉන්දියාවට උතුරේ සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරටත් දිවෙන ඉතා ශක්තිමත් විදුලිබල පද්ධතියක් ඇත.
බලශක්ති වෙළඳාම සඳහා දකුණු ආසියානු වෙළෙඳපොළක් නිර්මාණය කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ඉන්දියාව උනන්දු වී ඇති අතර, නේපාලය සහ භූතානය වැනි අසල්වැසි රටවල් සමඟ විදුලි ජාල සම්බන්ධතාවයක් ස්ථාපිත කර ඇත.
ජනමාධ්‍ය වාර්තාවලට අනුව, ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශය ත්‍රෛපාර්ශ්වික බලශක්ති වෙළෙඳ ගිවිසුමක් සඳහා කෙටුම්පත් පෙළක් දැනටමත් අවසන් කර තිබේ.
අන්තර්ජාතික සූර්ය සන්ධානය යටතේ ‘එක් ලෝකයක් එක් සූර්යයෙක් එක ජාලයක්’ (OSOWOG) වැඩසටහන සමඟ ඉන්දියාවට ඉදිරියට යෑමට මෙම ව්‍යාපෘතිය මඟින් හැකි වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart