
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
1974 දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ඉන්දිරා ගාන්ධි පාලනය විසින් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ නැවත අවධාරණය කළේය.
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර පිහිටා ඇති මෙම දූපත සම්ප්‍රදායිකව ශ්‍රී ලාංකික හා ඉන්දීය ධීවරයින් විසින් භාවිත කරන ලදී.
1974 දී එවකට අගමැතිනි ඉන්දිරා ගාන්ධි “ඉන්දු-ශ්‍රී ලංකා සමුද්‍ර ගිවිසුම” යටතේ කච්චතිව් ශ්‍රී ලංකා භූමියේ කොටසක් ලෙස පිළිගත්තේය.
ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විශ්වාසභංගය පිළිබඳ විවාදයට එක්වෙමින් කොන්ග්‍රස් පක්ෂය විවේචනය කළ අගමැතිවරයා, දේශපාලනය වෙනුවෙන් කොන්ග්‍රසය විසින් ඉන්දියාව කොටස් තුනකට බෙදූ බවට චෝදනා කළේය. ඔහු කච්චතිව් දූපත සම්බන්ධයෙන් අදහස් පළකරන ලද්දේ එම කතාවේදීය.
තමිල්නාඩුවේ ඩී.එම්.කේ. ආණ්ඩුව කච්චතිව් ඉන්දියාවට ආපසු ගෙන එන ලෙස ඉල්ලා දිගින් දිගටම තමාට ලිඛිතව දැනුම්දෙන බවද අගමැතිවරයා පැවසීය.
විවාදයට එක්වූ රාහුල් ගාන්ධි විමසා සිටියේ කච්චතිව් ඉන්දියාවේ කොටසක් ලෙස පැවැතියේ නැද්ද? යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේ පැවැසීය.
“කච්චතිව් යනු තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි දූපතක්. කවුරුන් හෝ එය වෙනත් රටකට ලබා දුන්නා. එය සිදුවූයේ ඉන්දිරා ගාන්ධිගේ නායකත්වය යටතේ”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart