June 26, 2025

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට එරෙහිවද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

මිට පෙර අද දිනයේම, ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 11 දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.