
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා සතොස ආයතනයට අයත් රුපියල් මිලියන 39කට අධික අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.
මෙම අරමුදල් කැරම් සහ චෙස් පුවරු මිලදී ගැනීම සඳහා භාවිත කර ඇති අතර, ඒවා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා බෙදා දී තිබිණි.
අධිචෝදනා ගොනු කර ඇති විත්තිකරුවන් වන්නේ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයයි.
ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ කුමන්ත්‍රණය, අයථා පරිහරණය සහ ආධාර සහ අනුබල දීම යන චෝදනා හතරක් යටතේ අධිචෝදනා ගොනු කර ඇත.
2015 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී බෙදා හැරීම සඳහා ලංකා සතොස විසින් කැරම් සහ චෙස් පුවරු 28,000ක් මිලදී ගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
පාසල් ක්‍රීඩා සංවර්ධනය සඳහා පාසල් අතර බෙදා හැරීමට බව පවසමින් ලංකා සතොස විසින් ක්‍රීඩා පුවරු මිලදී ගෙන තිබේ.
2014 දෙසැම්බර් 18 මෙම ක්‍රීඩා පුවරු මිලදී ගන්නා අවස්ථාවේ පළමු විත්තිකරු නලින් ප්‍රනාන්දු ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
දෙවන විත්තිකරු මහින්දානන්ද අලුත්ගමගේ එවක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර තුන්වන විත්තිකරු නන්ද මල්ලවාරච්චි මෙම මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත.
මේ ආකාරයෙන් මිලදී ගත් කැරම් බෝඩ් 14,000ක් සහ චෙස් පුවරු 14,000ක් ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා යොදාගෙන ඇති බවට පැමිණිල්ලෙන් චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart