
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෙවුම් ශේෂය ස්ථාවර කිරීම සඳහා ක්රියාත්මක කළ රාජ්ය ප්රතිපත්ති හේතුවෙන් ඉන්දියාවට සැලකිය යුතු විදේශ විනිමය ප්රමාණයක් ඇදී ඒම සටහන් විය.
මෙහි ප්රතිඵලයක් ලෙස අගෝස්තු 07 වන විට එරට මුළු විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 707 සීමාවට ළඟා වී ඇති අතර, එය මාස හතරක් පුරා වාර්තා වූ ඉහළම මට්ටමයි.
ඉන්දියානු මහ බැංකුව නිකුත් කළ වාර්තාවලට අනුව, එක සතියක් ඇතුළත විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 14.1 කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.
මෙය පසුගිය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම සතිපතා ඉහළ යාමයි.
මීට ප්රධාන වශයෙන් හේතු වූයේ මහ බැංකුවේ විදේශ විනිමය වත්කම් සතියක් තුළ ඩොලර් බිලියන 9.9 කින් වැඩි වීමයි. පසුගිය සති හය පුරාම මෙම සංචිත අඛණ්ඩව ඉහළ ගිය අතර, එම සමස්ත කාල සීමාව තුළ සංචිතයට එක්වූ මුළු මුදල ඩොලර් බිලියන 40 කි.
ඩොලර් ආකර්ෂණය කර ගැනීම උදෙසා ජුනි මාසයේදී විශේෂ නියාමන පියවර කිහිපයක් හඳුන්වා දෙන ලදී.
රාජ්ය අංශයේ සමාගම් සහ බැංකු සඳහා විදේශීය ණය ලබා ගැනීමේදී වට්ටම් සහිත අවදානම් කළමනාකරණ පහසුකම් සපයා දීම, රජයේ බැඳුම්කරවල ආයෝජනය කරන විදේශිකයන්ට බදු සහන දීම සහ විදේශීය විදේශ විනිමය තැන්පතු ලබා ගැනීම වෙනුවෙන් ගාස්තු රහිත අවදානම් ආවරණ පහසුකම් සැලසීම ඒ අතර ප්රධාන විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart