
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකළ බව කියන සැකකරුවන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ මීගමුව සහ තලංගම ආදී ප්‍රදේශ කිහිපයකිනි.
ඉන්දීය ජාතිකයන් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම් සිදුකර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර ඉන්දීය ජාතිකයන් 30 දෙනෙක් ද වෙති.
මූල්‍ය වංචා සඳහා යොදාගත් බවට සැළකෙන පරිගණක, ජංගම දුරකථන ඇතුළු උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.
ඔවුන් මීගමුව, තලංගම, මාදිවෙල සහ කොච්චිකඩේ ප්‍රදේශවල සිට ක්‍රියාත්මක වූ බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart