
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඒඩන් බොක්ක ප්‍රදේශයේ දී හූති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයකට ලක් වූ ‘ට්රු කොන්ෆිඩන්ස් ‘ නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු බේරා ගැනීමට ඉන්දීය යුද නෞකාවක් වන INS කොල්කටා සමත්ව තිබේ.
බේරාගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද වන අතර ඉන් එක් අයකු ප්‍රහාරයේදී තුවාල ලබා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
බාබඩෝස් ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන MV ට්රු කොන්ෆිඩන්ස් මෙම ප්‍රහාරයට ලක්ව තිබුණේ මාර්තු 6 වැනි දිනයි.
නෞකාව ඒඩන් නගරයට නිරිත දෙසින් නාවික සැතපුම් 55ක් පමණ දුරින් යාත්‍රා කරමින් සිටියදී ඩ්‍රෝන යානයකින් හෝ මිසයිලයකින් ප්‍රහාරය එල්ල වී තිබිණි.
මෙම ප්‍රහාරයෙන් යානයේ ගින්නක් හටගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට බරපතළ තුවාල සිදුවී තිබුණු අතර තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.
නෞකාවේ කාර්ය මණ්ඩලය අතර තවත් ශ්‍රී ලාංකිකයන් සිටීද යන්න තවමත් පැහැදිලි නැත.
කඩිනම් ප්‍රතිචාර සහ සමුද්‍රීය සහයෝගීතාවය ප්‍රදර්ශනය කරමින්, INS කොල්කටා එම ස්ථානයට ඉක්මනින් ළඟා වූ අතර එහි හෙලිකොප්ටරය සහ බෝට්ටු භාවිත කරමින් ගලවා ගැනීමේ මෙහෙයුම සිදුකර තිබේ.
නෞකාවේ වෛද්‍ය කණ්ඩායම තුවාල ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර ලබාදීමට ද පියවර ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart