
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකාව පරදා ශුරතාව දිනූ ඉන්දීය කණ්ඩායම අද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමු වී තිබේ.
බාබඩෝස් හි පැවති කුණාටු තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට කඩිනමින් සිය මව්බිමට පැමිණීමට නොහැකිව එහි රැදී සිටීමට සිදුව තිබිණි.
ඒ අනුව ඔවුන් අද අලුයම නවදිල්ලියට පැමීණ තිබුණේ පැමිණීමට නියමිතව තිබූ දිනට දින තුනකට පසුවයි.
මව්බිමට පැමිණි ඉන්දීය පිලට ක්‍රීඩාලෝලීන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය.
T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම සමග තරග වදින අතර තරග 05කින් යුත් එම T20 තරගාවලිය අනිද්දා ආරම්භ වීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart