
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක් ළඟදීම පවත්වන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි. එවැනි ඒකාබද්ධ අභ්‍යාසයක් සඳහා මූලික කරුණු ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි සමඟ සාකච්ඡා කළ බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.
එයාර් චීෆ් මාර්ෂල් චෞධාරි සිව් දින නිල සංචාරයක් සඳහා 2023 මැයි 01 දින ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම සංචාරයේදී ඔහු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා හමුවිය.
මෙම සාකච්ඡාවලදී අනාවරණය වූයේ, මෙම වසරේ අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකා මුහුදු තීරයේ, දෙරටේ ගුවන් හමුදා එක්ව ආපදා කළමනාකරණය පිළිබඳ අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත බවයි.
එයාර් මාර්ෂල් චෞද්රි පවසා ඇත්තේ, දෙරටේ ගුවන් හමුදා අතර සමීප සහයෝගීතාවයේ සංකේතයක් ලෙස ඉන්දියාව විසින් ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ මිත්‍රත්ව ශ්‍රවණාගාරයක් ඉදිකරන බවයි. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සහයෝගීතාව වැඩි කරන බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart