
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක ආර්.සම්බන්ධන්ගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
සිය ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් අගමැති මෝදි පවසා ඇත්තේ, දිවංගත සම්බන්ධන් සමඟ හමුවීම් පිළිබඳ සොඳුරු මතකයන් තමා සැමවිටම අගය කරන බවයි.
සම්බන්ධන් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් සඳහා සාමය, ආරක්ෂාව, සමානාත්මතාවය, යුක්තිය සහ අභිමානයෙන් යුතු ජීවිතයක් වීනුවෙන් පෙනීසිටි බවත්, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිටින ඔහුගේ අනුගාමිකයන්ට ඔහුගේ අඩුව දැඩි ලෙස දැනෙනු ඇති බවත් අගමැති මෝදි වැඩිදුරටත් පවසයි.
“දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ පවුලේ අයට සහ හිතවතුන්ට මගේ බලවත් ශෝකය. ඔහු සමඟ හමුවීම් පිළිබඳ සොඳුරු මතකයන් සැමවිටම අගය කරනු ඇත. ඔහුබරපතල ලෙස ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් සඳහා සාමය, ආරක්ෂාව, සමානාත්මතාවය, යුක්තිය සහ ගෞරවනීය ජීවිතයක් වෙනුවෙන් කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිටින ඔහුගේ මිතුරන් සහ අනුගාමිකයන්ට අහුගේ අඩුව දැඩි ලෙස දැනෙනු ඇත.” යැයි නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart