
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වලංගු වීසා ලේඛන නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශිකයින් හය දෙනෙකු සහ නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි ළඟ තබාගෙන සිටි විදේශිකයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේ සැකකටයුතු විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට කටුනායක පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදීයි.
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි කූරු 1000ක් (පැකට් 50ක්) සමඟ එක් විදේශිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 26, 33, 38, 39 සහ 42 යන වයස් කාණ්ඩවල පසුවන ඉන්දීය ජාතිකයෝ වෙති.
සැකකරුවන් සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart