
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය රජය විසින් අද දිනයේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි හෙවත් එල්ටීටීඊ සංවිධානයට පනවා තිබූ තහනම තවත් වසර පහකින් දීර්ඝ කර තිබේ.
‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේ ජනතාව අතර බෙදුම්වාදී ප්‍රවණතාවක් අඛණ්ඩව පෝෂණය කිරීම සහ ඉන්දියාවේ, විශේෂයෙන් තමිල්නාඩුවේ ඒ සඳහා සහාය පදනම වැඩි දියුණු කිරීම හේතුවෙන් තහනම දීර්ඝ කර ඇති බවයි.
මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 1967 නීති විරෝධී ක්‍රියාකාරකම් (වැළක්වීමේ) පනතේ 3 වැනි වගන්තියේ (1) සහ (3) උප වගන්ති ක්‍රියාත්මක කරමින් මෙම තහනම පනවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියාසිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානය තවමත් රටේ ඒකාග්‍රතාවයට සහ ආරක්ෂාවට අගතියක් වන ක්‍රියාකාරකම්වල නිරත වන බව මධ්‍යම රජයේ මතය බවයි.
2009 මැයි මාසයේදී ශ්‍රී ලංකාවෙන් යුදමය වශයෙන් පරාජයට පත් වූ පසුවත් එල්ටීටීඊය ‘ඊළාම්’ (දෙමළ ජනතාවට ස්වාධීන රටක්) සංකල්පය අත්නොහරිමින් අරමුදල් රැස්කිරීමේ සහ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් ‘ඊළාම්’ අරමුණ වෙනුවෙන් රහසිගතව කටයුතු කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
ඉතිරිව සිටින එල්.ටී.ටී.ඊ. නායකයන් හෝ සාමාජිකයන් විසිරී සිටින ක්‍රියාකාරීන් යළි එක්රැස් කර දේශීයව හා ජාත්‍යන්තරව එම සංවිධානය නැවත නැඟිටුවීමට උත්සාහයන් ආරම්භ කර ඇත.
“එල්ටීටීඊ හිතවාදී කණ්ඩායම් ජනතාව අතර බෙදුම්වාදී ප්‍රවණතාවක් අඛණ්ඩව පෝෂණය කරන අතර ඉන්දියාවේ සහ විශේෂයෙන් තමිල්නාඩුවේ එල්ටීටීඊයට සහාය පදනම වැඩි දියුණු කරයි, එය අවසානයේ ඉන්දියාවේ භෞමික අඛණ්ඩතාව කෙරෙහි ප්‍රබල ලෙස බිඳී යන බලපෑමක් ඇති කරනු ඇත,” තහනම් සම්බන්ධයෙන් තවත් හේතු කිහිපයක් ද සඳහන් කරමින් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart