
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆ්ලයිඩුබායි ගුවන් යානයක සිදුවූ බව කියන පැහැර ගැනීමේ උත්සාහයක් වැළැක්වීම සඳහා ඔහුගේ කාර්යභාරය වෙනුවෙන් ඉන්දීය ගුවන් නියමු කපිතාන් ස්මිත් මච්චර්ට ඊශ්‍රායලයේ සිවිල් වීරත්වය සඳහා වන ජනාධිපති සම්මානය හිමිවන බව ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් නිවේදනය කළේය.
ඊශ්‍රායල රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, පසුගිය සතියේ ‘Flydubai’ FZ1073 ගුවන් යානය කඩා වැට්ටවීමට දරන ලදැයි කියන උත්සාහයක් ව්‍යර්ථ කිරීමට සහාය වූ ඊශ්‍රායල මගීන් හය දෙනෙකුට ‘සිවිල් වීරත්වය සඳහා වන ජනාධිපති පදක්කම’ පිරිනමමින් සිටියදී හර්සෝග් විසින් මෙම නිවේදනය සිදු කරන ලදී.
සම්මානලාභීන් අමතමින් හර්සොග් පැවසුවේ “අද අප ගෞරවයට පාත්‍ර කරන ඊශ්‍රායල වීරයන් අතරම, ඉන්දියාවේ කපිතාන් ස්මිත් මච්චාර් හට පූර්ණ හා කඩිනම් සුවය ප්‍රාර්ථනා කරමු. කපිතාන් මච්චාර්ගේ අසමසම ධෛර්යය, නිර්භීතකම සහ විශිෂ්ට වෘත්තීයභාවය මෙම ව්‍යසනය වළක්වා ගැනීමට ඉවහල් විය. ඔහු නැවත සුවය ලැබූ පසු, ඊශ්‍රායල ජනතාව වෙනුවෙන් ‘සිවිල් වීරත්වය සඳහා වන ඊශ්‍රායල රාජ්‍ය ජනාධිපති සම්මානය’ ඔහුට පිරිනැමීම මට හිමිවන ඉමහත් ගෞරවයක් හා වරප්‍රසාදයක් වනු ඇත.” යනුවෙනි.
The Jerusalem Post සහ The Times of Israel වාර්තා කරන පරිදි, ගුවන් යානයක් පැහැර ගැනීමේ උත්සාහයක් යැයි කියන සිදුවීමක් වළක්වා ගැනීම සඳහා ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් හය දෙනෙකුට එනම් ටාලි මැනස්, ස්විකා මැනස්, යනිව් හයූන්, වෛද්‍ය ෂෝටා මුසායෙව්, අසාෆ් රාජුආන් සහ ඕර් පාර්ඩිලොව් නමැත්තන්ට හර්සෝග් විසින් මෙලෙස සම්මාන පිරිනමන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart