
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය සුපිරි ක්‍රිකට් නායක එම්.එස්. දෝනි පැළඳ සිටි අංක 7 ජර්සිය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් ඉවත් කර තිබේ.
දෝනි ක්‍රීඩාවට දක්වා ඇති දායකත්වය දෙස බලා ඔහුගේ ජර්සිය මෙලෙස ඉවත් කිරීමට BCCI තීරණය කර ඇති බව India Today වාර්තා කර ඇත. ඒ අනුව මින් ඉදිරියට කිසිදු ඉන්දීය ක්‍රීඩකයකු වෙත අංක 7 නිකුත් නොකෙරෙනු ඇත.
ඒ අනුව, සචින් තෙන්ඩුල්කාර්ට පසුව BCCI විසින් ජර්සිය විශ්‍රාම ගැන්වූ දෙවැනි ක්‍රීඩකයා බවට දෝනි පත්විය.
ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන චරිතයක් වන දෝනි, ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු වශයෙන් ද විශිෂ්ට වාර්තාවකට හිමිකම් කියයි.
ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස, ඔහු 2007 T20 ලෝක කුසලානය, 2011 එක්දින ලෝක කුසලානය සහ 2013 චැම්පියන්ස් කුසලානය යන සියලුම ප්‍රධාන ICC කුසලාන ජයග්‍රහණය කරා තම කණ්ඩායම මෙහෙයවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart