
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයස අවුරුදු 19න් පහළ ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමට ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් සමත්ව තිබේ.
මැලේසියාවේ ක්වලාලම්පුර් හි අද පෙරවරුවේ පැවති අවසන් මහා තරගයේදී බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත් කරමින් ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් මෙවර ශුරතාව ජයග්‍රහණය කරන ලදී.
මැලේසියාවේ සත්කාරකත්වයෙන් පැවති තරගාවලිය සදහා ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 16ක් සහභාගී වූ අතර සුපිරි හතර දෙනාගේ වටයට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදුන් 19න් පහළ කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 117ක් රැස් කර ගන්නා ලදී.
පිළිතුරු ඉනීම ක්‍රිඩාකළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ ලකුණු 76කට දවා ගැනීමට ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට හැකිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart