
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ඒ අවසන් පූර්ව තරගයේදි එංගලන්ත කණ්ඩායම ළකුණු 68කින් පරාජයට පත්කරමිනි.
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඉන්දියාව අවසන් මහා තරගයකට පැමිණි තුන්වන අවස්ථාව මෙය විය.
පළමු අවසන් පූර්ව තරගයේදි ඇෆ්ගනිස්ථානය පරදවා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයට පැමිණි දකුණු අප්‍රිකාව සමග මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදි ඉන්දියාව හෙට (29) රාත්‍රියේ (මෙරට වේලාවෙන් පස්වරු 08ට) තරග වදිනු ඇත.
ඉන්දියාව පන්දුවාර විස්ස ලෝක කුසලාන පළමු තරගාවලියේදී එනම් 2007 දී පාකිස්ථානය පරාජය කර ශූරයන් බවට පත්වූ නමුත්, 2014 වසරේදී පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.
කෙසේවෙතත් පසුගිය වර ශූරයන් වූ එංගලන්තය අවසන් පූර්ව තරගයේදී පරාජය කළ ඉන්දියාව පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසියේය.
ඊයේ රාත්‍රියේ පැවැති තරගයේ ඉන්දියාව පළමුව පන්දුවට පහරදී පන්දුවාර විස්ස තුළ කඩුලු 07ට ලකුණු 171ක් රැස්කරන ලදී.
එහිදී රෝහිත් ෂර්මා ලකුණු 57ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 103ක් පමණි.
අක්ෂාර් පටෙල් සහ කුල්දීප් යාදව් කඩුලු 03 බැගින් බිඳහෙළූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart