
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2030 වන විට ඉන්දියාව වසරකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 04ක් ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය ගල් අඟුරු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඉන්දියාව දැනට ශ්‍රී ලංකාවට ගල් අඟුරු අපනයනය නොකරන නමුත් අසල්වැසි රටවල් වන බංග්ලාදේශයට සහ නේපාලයට සෑම වසරකම ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 01 සිට 02 දක්වා ප්‍රමාණයක් අපනයනය කරයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ විදුලි ජනනය සඳහා වාර්ෂික ගල් අඟුරු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් පමණ වේ.
මෙගාවොට් 900ක ලක්විජය බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා 2023 දී ශ්‍රී ලංකාවට ගල් අඟුරු නැව්ගත කිරීම් 36ක් අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ඉන්ධන සැපයීම සඳහා දකුණු අප්‍රිකාවෙන් දැනට ගෙනෙන ගල් අඟුරු පරිමාව වෙනුවට, ශ්‍රී ලංකාවට ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 04ක් පමණ අපනයනය කිරීමට ඉන්දීය ගල් අඟුරු ‘ලොජිස්ටික්ස් සැලැස්ම’ අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart