
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“අනුරාධපුර බෞද්ධ පූජනීය නගරයේ නිවාස සහ යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 150 ක අතිරේක ප්‍රදානයක් ලබාදීමට තීරණය කර ඇත” යනුවෙන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ අදාළ ශ්‍රී ලංකා නිලධාරීන් මාර්තු 21 දා ශ්‍රී ලංකාවට මෙම ප්රදානය ලබාදීම පිළිබඳව ලිපි හුවමාරු කරගෙන ඇත.
ඒ අනුව, අනුරාධපුර සෝභිත හිමි ගම්මානයේ නිවාස සහ යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයේ සම්පූර්ණ ප්රදානය දැනට රුපියල් මිලියන 450 කි.
“ශ්‍රී ලංකාවේ ආර්ථික භූ දර්ශනයේ ඇති වූ දරුණු වෙනස්කම්වලට ප්‍රතිචාර දක්වමින්, මෙම ව්‍යාපෘති කඩිනමින් නිමකිරීම සඳහා දැනට ක්‍රියාත්මක ප්‍රදාන ව්‍යාපෘති නවයකට අමතර අරමුදල් යෙදවීමට ඉන්දීය රජය තීරණය කළ අතර, ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් ඉහළ යාමේ බලපෑම ද අවම කර ගැනීමට ද තීරණය කළේය.” යැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart