
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව අග්නිදිග ආසියාවේ අගනුවර වීම දැකීම තමාගේ එක් අරමුණක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.
එම ගමනේදී ඉන්දියාවේ ප්‍රගතිය කිසිවකුට තර්ජනයක් නොවන බව ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසීය.
ඉන්දියාව දියුණු වන විට ලෝකයේ බර අඩු වන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
ඔහු මෙම අදහස් පළ කළේ ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
ලෝකයේ සියලුම රටවල් අප හා එක්වීමට කැමති නොවන්නේ ඇයි? දැයි ඔහු එහිදී විමසා තිබේ.
කොල්කටා සහ ගුහාටි ජාත්‍යන්තර වශයෙන් ඉතා විශාල ආර්ථික මධ්‍යස්ථාන බවට පත්විය හැකි බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී පැවසීය.
සිය පාලනය යටතේ ඉන්දියාවේ දල දේශීය නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායම ද තවදුරටත් ඉහළ නැංවිය යුතු බව ද ඔහු එහිදී අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart