
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ISIS සාමාජිකයන් බවට සැකකරන ශ්‍රී ලාංකික සිව්දෙනා සමග මෙරටදී සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක්ව මාලිගාවත්තේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් ටිකට්පත් ලබාදීම වැනි කටයුතුවලින් මෙම පිරිසට උදවු කළ පුද්ගලයකු බව වාර්තා වේ.
සැකකරු මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන අඛණ්ඩව ප්‍රශ්න කිරීම් සිදුකරයි.
මේ අතර අදාළ ISIS සාමාජිකයන් සිව්දෙනා පසුගිය 19වැනිදා රාත්‍රියේ මෙරටින් ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ හරහා චෙන්නායි වෙත ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායකයන් , යුදෙව්වන් සහ කිතුනුවන් මෙම ත්‍රස්තයන් පිරිසගේ ඉලක්ක වී තිබූ බව ඉන්දීය ජනමාධ්‍ය සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart