
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව අපනයනය කෙරෙහි අවධානය යොමු කරමින් සිය ආරක්ෂක කර්මාන්තය පුළුල් කිරීමට පියවර ගෙන ඇත.
‘Atmanirbhar Bharat’ වැඩසටහන මගින් වත්මන් රජය ආරක්ෂක කර්මාන්තයට ලබා දී ඇති ප්‍රමුඛතා පිළිබිඹු කරයි.
ඉන්දියාව රටවල් 85කට වැඩි ගණනකට අපනයනය කර ඇති අතර,දැනට ඉන්දියානු සමාගම් 100ක් නිෂ්පාදන අපනයනය කර ඇත.
ඒ සදහා ඩෝනියර්-228 ගුවන් යානා, මිලිමීටර් 155 කාලතුවක්කු, මිසයිල, ආකාෂ් මිසයිල පද්ධතිය, රේඩාර් සහ සිමියුලේටර් ඇතුළු නිෂ්පාදන ඇතුළත් වේ.
එසේම, LCA-Tejas, සැහැල්ලු සටන් හෙලිකොප්ටර්, ගුවන් යානා වාහක, MRO ක්‍රියාකාරකම් ආදිය සඳහා ඇති ඉල්ලුම ද වර්ධනය වී ඇත.
ආරක්ෂක උපකරණ අපනයනය පුද්ගලික අංශයේ සමාගම් 50කට අධික සංඛ්‍යාවක් විසින් මෙහෙයවීම මෙහි විශේෂත්වය වේ.
2017 වර්ෂයේදී ආරක්ෂක නිෂ්පාදන පිරිවැටුමේ අනුපාතය 2% සිට 2023 මූල්‍ය වර්ෂයේදී 15% දක්වා ඉහළ ගොස් ඇත.
එසේම, 2026 වර්ෂය වන විට ඉන්දීය රුපියල් කෝටි 35,000ක ආරක්ෂක අපනයන ළඟා කර ගැනීමට අපේක්ෂා කරයි.
ඉන්දියාව සිය ආරක්ෂක නිෂ්පාදනය ඉහළ නැංවීමට මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ රටවල් අතර ආරක්ෂක වියදම් ඉහළ යාම ද හේතු වී තිබේ.
ආසියාවේ පමණක්, ආර්ථික වර්ධනය, භෞමික ආරවුල් සහ දේශපාලන ආතතීන් හේතුවෙන් පසුගිය දශකය තුළ ආරක්ෂක වියදම් 10%කින් ඉහළ ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart