
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හරිත බලශක්ති සහ විද්‍යුත් විච්ඡේදක නිෂ්පාදනයේදී ඉන්දියාවට පිරිවැය වාසියක් ඇති බව ඩාවෝස්හි පැවැති Green Hydrogen Opportunity in 2024 සැසියේදී ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු සහ නිවාස හා නාගරික කටයුතු පිළිබඳ මධ්‍යම රජයේ ඇමැති හර්දීප් සිං පූරි පවසි.
“ඉදිරි වසර 20 තුළ, ගෝලීය ඉල්ලුමේ වැඩිවීමෙන් 25% ක් ඉන්දියාවෙන් ලැබෙනු ඇත” යනුවෙන් ඔහු එහිදී පැවැසීය.
“පිරිවැය දෙස බැලුවහොත්, ඉන්දියාවේ වාසිය නම් හරිත සූර්ය බලශක්තිය සහ විද්‍යුත් විච්ඡේදක නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමට අපට හැකි වීමයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
ReNew හි නිර්මාතෘ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සුමන්ත් සිංහ, ලෝක ආර්ථික සංසදයේ කාර්මික පරිසර පද්ධති ප්‍රධානී Jorgen Sandstrom සහ ඉන්දීය තෙල් සංස්ථාවේ සභාපති ශ්‍රීකාන්ත් මාධව් යන පිරිස මේ සදහා සහභාගී වී ඇති බව වාර්තා වේ.
“හයිඩ්‍රජන් සංචලනය සඳහා කාලය ගතවනු ඇත. වානේ කර්මාන්තය සහ පොහොර කර්මාන්තය වැනි කර්මාන්ත හරිත හයිඩ්‍රජන් භාවිතයෙන් ප්‍රයෝජන ගත හැකි අතර ඒවා ඉතා විශාල ලෙස ඉදිරියට පැමිණිය යුතුය.” ශ්‍රීකාන්ත් මාධව් එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart