
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව පුරා සිටින සංක්‍රමණික කම්කරුවන් සඳහා දිනපතා නිකුත් කරනු ලබන කිලෝග්‍රෑම් 5 ප්‍රමාණයේ එල්.පී.ජී (LPG) ගෑස් සිලින්ඩර ප්‍රමාණය දෙගුණ කිරීමට රජය පියවර ගෙන ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන්ට ආහාර පිසීමේදී ඇතිවන අපහසුතා අවම කිරීමට සහ ප්‍රධාන නගරවල සිටින ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් නැවත තමන්ගේ ගම්බිම් බලා යාම වැළැක්වීමේ අරමුණ ඇතිවය.
ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍යාංශය විසින් ප්‍රාන්ත රජයන්ගෙන් සහ මධ්‍යම පාලන ප්‍රදේශවලින් ඉල්ලා ඇත්තේ, 2026 මාර්තු 2 සහ 3 යන දිනවල සැපයූ සාමාන්‍ය දෛනික සංඛ්‍යාව පදනම් කරගෙන මෙම සිලින්ඩර ප්‍රමාණය දෙගුණ කරන ලෙසයි.
ඉන්දියාව පුරා පවුල් මිලියන 300ක් තම ආහාර පිසීමේ කටයුතු සඳහා භාවිත කරන ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) සැපයුම සම්බන්ධයෙන් දැනට දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
ඉන්දියාවේ LPG ආනයනයෙන් සියයට 90ක්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන අතර, එරට පවුල්වලින් සියයට 60ක්ම ආහාර පිසීම සඳහා මෙම වායුව මත යැපෙයි.
මෙම අතිරේක සිලින්ඩර බෙදා හැරීම රාජ්‍ය අංශයේ තෙල් අලෙවි සමාගම්වල සහාය ඇතිව ප්‍රාන්ත රජයන් මගින් සංක්‍රමණික කම්කරුවන් සඳහා පමණක් සිදු කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart