
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර විස්ස ලෝක කුසලාන ශුරයන් වන ඉන්දීය කණ්ඩායම ඊයේ ඉතා උත්කර්ෂවත් ලෙස එරටදි පිළිගැනීමකට ලක්විය.
දිල්ලි ගුවන් තොටුපලට පැමිණි රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම අගමැති නරේන්ද්‍ර මෝදි හමුවූ අතර, එහිදී ඉන්දීය අගමැතිවරයා ඔවුන්ව පැසසුමට ලක්කළේ සමූහ මෙන්ම තනි පුද්ගල ඡායාරූප සඳහා පෙනීසිටිමිනි.
එහිදී ඉන්දිය අගමැතිවරයා ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් සහ පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සමග එක්ව අදහස් හුවමාරු කරගැනීමද සිදුකෙරිණි.
අනතුරුව ලෝක ශුර ඉන්දිය කණ්ඩායම දිල්ලි සිට මුම්බායි වෙත ගුවන් යානයකින් පැමිණියහ.
එතැන් සිට මුම්බායි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (04) පස්වරුවේ පැවැත්වූ ලෝක කුසලාන ජයග්‍රහණ සැමරුමට ඔවුහු එක්වූහ.
වන්කඩේ ක්‍රීඩාංගණයට බස් රථයකින් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම පැමිණෙන මග දෙපස ඉතා අතිවිශාල ජනකායක් රැස්ව ඔවුන්ට සුභ පැතුම් එක්කරන අයුරු සමාජ මාධ්‍ය තුළ මෙන්ම ඉන්දිය ජාතික නාලිකා තුලින් සජිවිව විකාශනය කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart