
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික පන්දුවාර 20 පිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකු ලබාගෙන ඇති වේගවත්ම ශතක වාර්තාව සමකිරීමට ග්ලෙන් මැක්ස්වෙල් ගුවාහති හි ඉන්දියාවට එරෙහිව ඊයේ පැවැති තුන්වැනි තරගයේදි සමත් විය.
පන්දු 47කින් වාර්තා වූ එම ශතකයට හතරේ සහ හයේ පහර 08 බැගින් අන්තර්ගත විණි.
මීට පෙර ඕස්ට්‍රේලියානු නායකනයා ලෙස කටයුතු කල එරොන් ෆින්ච් (2013) සහ මෙම තරගාවලියේ දෙවන තරගයේදි ජොෂ් ඉංගිලිෂ් පන්දු 47කදී ඕස්ට්‍රේලියානු පිතිකරුවකු රැස්කළ පන්දුවාර 20 වේගවත්ම ශතක වාර්තා කර තිබිණි.
මැක්ස්වෙල් මීට පෙර එනම් 2016 වසරේදි ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 49කදී සහ 2019 වසරේදී ඉන්දියාවට එරෙහිව පන්දු 50කදී පන්දුවාර 20 ශතක වාර්තා කර තිබේ.
ඒ අනුව ඔහු අන්තර්ජාතික පන්දුවාර 20 පිටියේ වැඩිම ශතක ලබාගෙන ඇති (ශතක 4ක්) රෝහිත් ෂර්මා හා සම තැනට පත්වීමටද සමත් වූයේය.
මැක්ස්වෙල්ගේ වේගවත් පිතිකරණය හමුවේ තරග පහකින් යුත් පන්දුවාර 20 තරගාවලිය කළින්ම ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට තිබූ අවස්ථාව ද අහිමිවී ගියේය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ට ලකුණු 222ක් රැස් කළ අතර එහිදී රුට්රාජ් ගයික්වාඩ් මංගල පන්දුවාර 20 ශතකය වාර්තා කිරීම කැපී පෙනිණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 225ක් ලබාගනිමින් තරගය ජයගනු ලැබුවේය.
කෙසේවෙතත්, තරග 05කින් යුත් පන්දුවාර 20 තරගාවලියේ පළමු තරග ද්විත්වය ඉන්දියාව ජයගෙන ඇති බැවින් ඔවුන් දෙකට එකක් ලෙස ඕස්ට්‍රේලියාව අභිබවා පෙරමුණේ පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart