
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2026 පිරිමි T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය අනුමත කර ඇත.
ඒ අනුව, කණ්ඩායම් 20ක් සහභාගී වන තරඟාවලිය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම සත්කාරකත්වය දරන අතර, තරගාවලිය ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබීමේ තරඟ 12 කින් සමන්විත වේ.
2024 ලෝක කුසලානයේ හොඳම කණ්ඩායම් 08 මෙන්ම, සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා එක්වනු ඇත.
ඉතිරි ස්ථාන දෙක 2024 ජුනි 30 වන විට, ICC පිරිමි T20I ශ්‍රේණිගත කිරීම් වගුවේ මීළඟ හොඳම ශ්‍රේණිගත කණ්ඩායම් විසින් ලබාගනු ඇත.
ඉතිරි කණ්ඩායම් 08 පුරවනු ලබන්නේ කලාපීය සුදුසුකම් ලැබීමේ තරග මගිනි.
ICC විධායක මණ්ඩලය මේ සතියේ ඩුබායිහිදී රැස් වූ අතර අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත ව්‍යුහය සහ සන්දර්භය රැස්වීමේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart