
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව සමත් විය.
පාකිස්ථානය සමග පැවැති තරගය කඩුලු 04කින් ජයගනිමින් ඇෆ්ගනිස්ථානය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය සියලුදෙනා දැවී ලකුණු 115ක් ලබාගත්තේය.
පන්දුවාර 17යි පන්දු පහකදී කඩුලු 06ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගන්නට ඇෆ්ගනිස්ථානය සමත් විය.
ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ බංග්ලාදේශය කඩුලු 09කින් පරාජය කරමිනි.
පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 96කට සීමා විය.
පන්දුවාර 09යි පන්දු 02කදී ජයග්‍රහණය සපුරාගන්නට ඉන්දියාව සමත් වුණේ, එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදීය.
ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගය හෙට පැවැත්වේ.
එම තරගයට පෙර ලෝකඩ පදක්කම වෙනුවෙන් පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart