
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අසල්වැසියා විසින් කරන ලද විධිමත් ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ලැයිස්තුගත කර තෝරාගත් දුම්රිය එන්ජින් 32 න් 22ක්, නිතිපතා භාවිතය සඳහා යවනු ලබන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
එයින් පහක් යොමුකෙරෙන්නේ මුම්බායි වෙතින් වේ.
තෝරාගත් දුම්රිය එන්ජින් 32 න් 11ක් මධ්‍යම දුම්රිය (CR) සහ හයක් බටහිර දුම්රිය (WR) වෙතින් වේ.
CR හි ලැයිස්තුවේ ඇති දුම්රිය එන්ජින් 11න් හතරක් මුම්බායි හි කුර්ලා ඩීසල් ලොකෝ ෂෙඩ් එකෙන් වන අතර එකක් කල්‍යාන් ඩීසල් ලොකෝ ෂෙඩ් එකෙන් වේ.
එම ජනමාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇති ආකාරයට, ශ්‍රී ලංකා රජය ඩීසල් ලොකෝ 22 ක් ඉල්ලා සිටි අතර, ඒවා විශිෂ්ට ක්‍රියාකාරී තත්ත්වයෙන් යවනු ලැබේ.
“විදේශ කටයුතු අමාත්‍යාංශය, දුම්රිය මණ්ඩලයේ යටිතල පහසුකම් අධ්‍යක්ෂ මණ්ඩලය හරහා, ක්‍රියාත්මක වන WDM3D ඇල්කෝ ඩීසල් දුම්රිය එන්ජින් 22ක් ශ්‍රී ලංකා දුම්රිය සේවයට යැවීමට අනුමැතිය දී ඇත,” යැයි ජනමධ්‍ය වෙත නිලධාරියෙක් පවසා තිබේ.
මීට පෙර, ඉන්දියාව විසින් WDM3D වර්ගයේ ඒකක කිහිපයක් බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාවට අපනයනය කර හෝ තෑගි කර ඇත.
මෙම ඩීසල් දුම්රිය එන්ජින් ඒවායේ සුවිශේෂී චුග් ශබ්දය සහ බලගතු ඝෝෂාව සඳහා ප්‍රසිද්ධය, ඒවාට කැපවූ රසික පිරිසක් සිටිති. KR-බටහිර දුම්රියවල ඒවායේ ශබ්දය කොන්කන් දුම්රිය මාර්ගයේ උමං මාර්ග හරහා දෝංකාර දෙන බව අයෙක් සිහිපත් කළේය.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා මෙතැනින් :- https://www.mid-day.com/mumbai/mumbai-news/article/exclusive-mumbais-choo-choo-rail-engines-head-to-sri-lanka-23556732
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart