
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සති හතර තුළ ලොවපුරා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 52%කින් ඉහළගොස් ඇති අතර, එම කාලය තුළ නව රෝගීන් 850,000කට වඩා වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නව මරණ සංඛ්‍යාව පෙර දින 28ක කාලයට සාපේක්ෂව සියයට 8කින් අඩු වී ඇති අතර නව මරණ 3,000කට වඩා වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.
දෙසැම්බර් 17 වැනි දිනවන විට,කොවිඩ්-19 ආරම්භයේ සිට ගෝලීය වශයෙන් තහවුරු වූ රෝගීන් මිලියන 772 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ මිලියන හතකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
තවද, ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ලොව පුරා නව කොවිඩ්-19 රෝහල්ගත කිරීම් සියයට 23කින් ඉහළ යමින් රෝහල්ගත කිරීම් 118,000කට අධික සංඛ්‍යාවක් සහ දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් කිරීම් 51කින් ඉහළ යමින් එවැනි ඇතුළත් කිරීම්1600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
2023 දෙසැම්බර් 18 වැනි දිනට BA.2.86 Omicron ප්‍රභේදයේ උප පෙළපතක් වන JN.1හි ව්‍යාප්තිය මෑත සතිවල ශීඝ්‍රයෙන් වැඩි වීම හේතුවෙන් එහි මව් පෙළපත වන BA.2.86 වෙතින් වෙන්ව වෙනම උනන්දුවක් දක්වන ප්‍රභේදයක් වශයෙන් එය නම් කරනු ලැබිණි.
එහෙත් තවමත් ගෝලීය වශයෙන් උනන්දුවක් දක්වන වඩාත්ම වාර්තාගත ප්‍රභේදය ලෙස පවතින්නේ EG.5 ප්‍රභේදයයි.
පවතින සාක්ෂි මත පදනම්ව, JN.1 මගින් ඇති කරන අතිරේක ගෝලීය මහජන සෞඛ්‍ය අවදානම දැනට අඩු අගයක් ගෙන තිබේ.
එසේ තිබියදීත්, උතුරු අර්ධගෝලයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමග, JN.1 බොහෝ රටවල ශ්වසන ආසාදනවල වැඩිවීමක් වාර්තා කරනු ඇති බවට සැකකෙරේ.
කොවිඩ්-19 දැනට සංසරණය වන එකම ශ්වසන රෝගය නොවේ.
ඉන්ෆ්ලුවෙන්සා, ආර්එස්වී සහ සාමාන්‍ය ළමා නියුමෝනියාව ද ලොවපුරා වැඩිවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart