
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේරාදෙණිය රෝහලේදී තරුණියකට මරු කැඳවූ සිද්ධියට සම්බන්ධ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
21 හැවිරිදි අදාළ තරුණියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පස් පුද්ගල විශේෂඥ කමිටුවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කර ඇත.
එම කමිටුව අද පළමු වරට එම රෝහලට ගිය බවද වාර්තා වෙයි.
මහනුවර පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි චමෝදි සන්දීපනී ජයරත්න උදරාබාධයක් හේතුවෙන් පසුගිය 11වැනිදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු අතර එන්නත් දෙකක් ලබාදීමෙන් පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.
එහිදී ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කර සිටියේ රෝහලට ඇතුළත් කරන විට කිසිදු අසාධ්‍ය රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකළ ආදාළ තරුණිය, එන්නත් ලබාදීමෙන් පසු එකවරම අසාධ්‍ය තත්ත්වයට පත්වී මරණයට පත්වූ බවය.
කෙසේවෙතත් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ තරුණියගේ මියයෑම ඖෂධයක් නිසා සිදුවූ බවට සැක නොකරන අතර අසාත්මිකතාවයක් ඇය මියයෑමට හේතුවන්නට ඇතැයි සැක කරන බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart